Photography වලට කැමති ඒත් කැමරාවක් නැති කෙනෙක්ට කැමරා එකක් ගන්න කලින් අපි මොන වගේ කරුණු ගැනද හොයල බලන්න ඕනි කියන එක .
අද අරගෙන ආවෙ photography වලට කැමති ඒත් කැමරාවක් නැති කෙනෙක්ට කැමරා එකක් ගන්න කලින් අපි මොන වගේ කරුණු ගැනද හොයල බලන්න ඕනි කියන එක . ඉතින් අපි සරලව පැහැදිලි කර ගමු කොහොමද අපි කැමරාවක් තෝරගන්නෙ මොනවද ඒකට බලපාන මූලික කරුනු කියල .
පළවෙනිම කාරනය බජට් ( bugget ) එක :
කැමරාව සහ lens එකක් තෝරගන්නකොට අවධානයට ගන්න වුවමනා වෙන්නේ තමන්ට ඡායාරූපගත කරන්න අවශ්‍ය දේවල් මොනවද සහ තමන්ගේ බජට් එක මොකක්ද කියන එක තමයි.
දෙවෙනි කාරනය තමයි අපි කැමරාවක් ගන්න එකේ අරමුණ .
උදාහරණයක් විදියට කෙනෙක්ට photography study කරන්න කැමරාවක් අවශ්‍ය වෙන්න පුලුවන් , තව කෙනෙක්ට videography වලට කැමරාවක් අවශ්‍ය වෙන්න පුලුවන් , තමන්ගෙ අරමුණ හේතුව මත සුදුසු කැමරාවකට යන එකත් වැදගත් කාරනයක් . මේව පටන් ගන්න ඉන්න කෙනෙක්ට basically Professional DSLR එකක් recommend කරන්න පුලුවන් , entry level එකෙ කැමරා විදියට Nikon D5600, Nikon D3500 හදුන්වල දෙන්න පුලුවන් .
ඊළඟ කාරනය තමයි camera technology එක .
අපිට කැමරාව DSLR සහ mirrorless කියල වර්ග කරන්න පුලුවන් , DSLR එක ටිකක් පරන version එකක් සහ ගනන් අඩු option එකක් .
Mirrorless එක අලුත් version එකක් සහ ගාන සාපෙක්ෂව වැඩි option එකක් විදියට හදුන්වල දෙන්න පුලුවන් .
එ වගේම මේකත් fullframe සහ crop sensor කියල වර්ග දෙකකට වෙන් කරන්න පුලුවන් . ඔයාට දැනට ලොකු බජට් එකක් නැත්නම් crop sensor option එක සුදුසු වෙයි කියල හිතනවා .
ඊලග කාරනය තමා මෙ කැමරාව සමග එන kit lens එක :
මන් යෝජනා කරනව camera body එක විතරක් ගන්නෙ නැතුව මේ kit lens කට්ටලයත් මිලට ගන්න එක ඔයාගෙ එදිනෙදා වැඩ වලට ලොකු පහසුවක් සහ හොද output එකක් එලියට දාන්න මේක ලොකු පිටුවහලක් වෙනව කියල .
සාමාන්‍යයෙන් 18-250mm හරි 55-300mm හරි වගේ ලෙන්ස් එකක් ලස්සන ආටිස්ටික් ෆොටෝ ගන්න වටිනවා. ඒ වගේම තමයි 55mm හරි 35mm හරි වගේ ලෙන්ස් එකකින් තමන්ට ඕන දුරක ඉඳලා ෆොටෝ ගන්න බැරි වුනත්, නියම දුර ඉඳලා ගන්නකොට පුද්ගල ඡායාරූප වලට එහෙම බොහොම ලස්සන එකක් ලබාදෙනවා.
ඔයාලට කලින් මතක් කලා කැමරාවක් ගන්නකොට ඔයාලගෙ අවශ්‍යතාවය තේරුම් ගන්න කියල , අපි හිතමු videography වලට කෙනෙක්ට කැමරාවක් තෝරගන්න අවශ්‍ය උනා කියල , basically cannon dual pixel autofocus system එකක් සහිත කැමරාවක් සුදුසුයි කියල කියන්න පුලුවන් . උදාහරණයක් විදියට canon 200D mark || එක හොද option එකක් විදියට පෙන්වල දෙන්න පුලුවන් .
අනිත් කාරණාව විදියට කැමරාවෙ image sensor size ගන්න පුලුවන් .
කැමරාවෙ sensor එකෙ size එක අනුව අපි ගන්න ඔනි lens එක වෙනස් වෙනවා . ඒක තව පැහැදිලි කලොත්
උදාහරණයක් විදියට canon ලගෙ crop lens එක full frame body එකකට සම්භන්ධ කිරීමෙ හැකියාවක් පවතින්නෙ නෑ . ඒ නිසා කැමරාවෙ lens options ගැන අවධානය යොමු කරන්න . ඔබට තවත් පහසු වෙන්න
Sony brand එකෙ alpha series එකෙ හොද lens options තියෙනවා කියන එක මන් කියන්න කැමති .
එ වගේම තමා කැමති නම් thirdparty lens එකකට උනත් ඔයාට යන්න පුලුවන් . උදාහරණයක් විදියට Sigma වගේ brand එකක් අවශ්‍ය නම් අපෙන් මිලදි ගැනිමෙ හැකියාව පවතිනවා .
ඊළඟට එන්ට්‍රි ලෙවල් එක පහුකරලා සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ DSLR එකකට යන්න හිතනකොට ඔලුවට එන්නේ මොනවද තමන්ට ඕන කරන ලෙන්ස් වර්ග කියන එක තමයි. ලෙන්ස් එකකදී මූලිකවම හිතන්න ඕන වෙන්නේ f-stop එක සහ Focal Length එක ගැන තමයි. උදාහරණයක් විදියට 18-55mm කියන්නේ Focal Length එක. 18mm ලෙන්ස් එකකට බොහොම හොඳ පුළුල් පරාස ඡායාරූපයක් ගන්න පුලුවන් වෙනකොට, 250mm ලෙන්ස් එකකට ඉතාම ඈත තියෙන වස්තුවක් වුනත් ඉතාම ආසන්නව පේන විදියට ඡායාරූපයක් ගන්න පුලුවන්. ඒ වගේම අර අවශ්‍ය වස්තුව ලස්සනට පේනකොට බැක්ග්‍රවුන්ඩ් එක බොඳ වෙලා පේන Bokeh Effect එකත් එක විශාල ලෙන්ස් එකකදී ලැබෙන කාරණයක්. හැබැයි මෙතනදී ඇපචර් එක, ඒ කියන්නේ f අගය ගැනත් අවධානය යොමු කරන්න වෙනවා. ඒ කියන්නේ වඩාත් පුළුල් ඇපචර් එකකින් තමන්ට අවශ්‍ය වස්තුව තියුණු විදියට පෙන්නලා පසුතලය අවුට් ඔෆ් ෆෝකස් කරන්න වඩාත් හැකියාව ලැබෙනවා.
ඊලග කාරනය විදියට warranty එක හදුන්වල දෙන්න පුලුවන් .
ඔබ ආධුනිකයෙක් උනත් නැතත් සාමාන්‍යයෙන් හොද වගකිමක් සහ සේවාවක් ලබා දෙන ආයතනයක් තෝර ගන්න එක ඔබෙ වගකීමක් වන අතර එ වගකීම නොපිරිහෙලා ඉටු කරන්න අපි බැදි ඉන්න බවත් මතක් කරන්න කැමති .
මේ තරගකාරි ලෝකයෙ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ හොඳම Brand එකෙන් හොඳම කැමරාව ගන්න. දැනට තියෙන තරගකාරී වෙළෙඳ පොළේ කවුරුත් නරක කැමරා විකුණන්නෙ නෑ. කැමරාව කියන්නේ උපකරණයක් පමණයි ඡායාරූප ශිල්පියා මත තමයි එම උපකරණයෙන් ගන්න ප්‍රතිඵලය තීරණය වෙන්නේ. මම හිතන්නේ මීට අමතරව තමන්ට හොඳ ඇසක් සහ නිර්මාණශීලී මනසක් තියෙන්න අවශ්‍යයි .
ස්තූතියි
Shashini rathnayake
