අද ඔයාලට අරගෙන ආවෙ මේ දවස් වල gopro lovers ල අතර උන්මාදයක් ඇති කරන්න සමත් උන gopro hero 12 කියන එයාලගෙ අලුත්ම සාමාජිකයා ගැන .
අද අරගෙන ආවෙ photography වලට කැමති ඒත් කැමරාවක් නැති කෙනෙක්ට කැමරා එකක් ගන්න කලින් අපි මොන වගේ කරුණු ගැනද හොයල බලන්න ඕනි කියන එක . ඉතින් අපි සරලව පැහැදිලි කර ගමු කොහොමද අපි කැමරාවක් තෝරගන්නෙ මොනවද ඒකට බලපාන මූලික කරුනු කියල .
ඔයා content creater කෙනෙක් නම්
එහෙමත් නැත්නම් adventure sports කරන කෙනෙක් නම් traveler කෙනෙක් නම් ඔයාට ගැලපෙනම කැමරාව මේක . හේතුව තමයි මීටපෙර නිකුත් උන gopro වලට සාපෙක්ෂව මේ කැමරා එකෙ features ගොඩාක් වැඩිදියුණු කරල වෙළදපලට නිකුත් කරල තියෙනවා කියන එක නම් අපිට ගොඩාක් විශ්වාසෙන් සහතික කරල කියන්න පුලුවන් . අපි පියවරෙන් පියවර මේක ගැන තව පැහැදිලි කරගනිමු.
අපි පලවෙනියටම බලමු මේකෙ photo quality එක ගැන .
ඇත්තටම කිව්වොත් 27mp quality එකක් සහිත ෆොටෝස් ලබාගැනිමේ හැකියාව පවතින අතර sensor එක , video recording , photo quality එක gopro 11 එකට සාපෙක්ෂව ටිකක් වැඩි වෙලා තියෙනවා .
විශේෂම දෙයක් තමයි HDR video පහසුකම අපිට මේ කැමරාවෙන් ලබා දෙනවා , කලින් version වල මේ පහසුකම අපිට බලාගන්න පුලුවන් උනෙ නෑ . එ වගේම තමයි live streaming , hyperlapse, hyper view , slow motion වගෙ features වල quality එක වැඩි කරල කැමරා එකෙ lens එකත් ගලවන්න පුලුවන් ආකාරයට අලුත් අලුත් features ගොඩාක් එකතු කරල හරිම smart , user frindly විදියට මේක නිර්මාණය කරල තියෙනවා කියන එක අපිට බලාගන්න පුලුවන් .
3-way Grip Waterproof Monopod For Go Pro
Out of stock
Bullet Time Bundle
In stock
288H Hight Silver Light Stand
Out of stock
Flan Go 280F Light Stand
In stock
මෙයාලගෙ අලුත්ම subscription එක විදියට අපි ගන්න photos , videos cloud එකට upload කරල පස්සෙ වෙන device එකකින් නරඹන්න පුලුවන් කියන එක හදුන්වල දෙන්න පුලුවන් .
එ වගේම තමා bluetooth headset එකක් තියෙනවා නම් ඒක මේ කැමරාව සමග connect කරල cam එක ඈත තියල video එක කරන ගමන් voice over කිරිමෙ පහසුකම ලබාදීලා තියෙනවා .
battery එක ගැන කතා කලොත්
gopro 11 එකට වඩා capacity එක ගොඩාක් වැඩියි කියල කියන්න පුලුවන් . එ වගේම තමා මෙ කැමරාවෙන් video recording 5.3k record කිරිමේ හැකියාව පවතින අතර , එක දිගට පැය එකහමාරක්ම video කිරීමෙ පහසුකම ලබා දීලා තියෙනවා. මේක ඇත්තටම කලින් version එකට වඩා ගොඩාක් වැඩි පරාසයකින් යුක්ත වෙනව කියල නම් සහතික කරල කියන්න පුලුවන් . තව සුවිශේෂිම කාරණය තමයි මේකෙ comfortably එක වැඩි කරල තියෙන නිසා අපිට පුලුවන් මෙ battery එක gopro 11 සහ 10 එකටත් භාවිතා කරන්න .
එ වගේම තමා අනෙක් gopro වලට සාපෙක්ෂව Watrerproof ගතිය වැඩි නිසා අපිට පුලුවන් මේ කැමරාව අඩි 33 පමන වතුර යටට අරගෙන යන්න .
තව විශේෂ දෙයක් තමයි horizontal look feature එක on කරල video ගත කරන අවස්ථාවන් වලදි හරිම සුමට අයුරින් drone shot එකකට සමානව ඉතාමත් උසස් තත්වයෙ video දර්ශන අපිට බලාගන්න පුලුවන් හැකියාව පවතනිවා. මේක තවත් සරලව විස්තර කලොත් උදාහරණයක් වශයෙන් gopro එක අරගෙන දුවමින් සිටින අවස්ථාවක් record කලා යැයි සිතමු , video එකෙ quality එකට කිසිම ප්‍රශ්නයක් නැති විදියට ඉතාමත් උසස් තත්වයෙ දර්ශනයක් අපිට ලබා ගැනිමෙ හැකියාව ඔවුන් මෙ කැමරාව මගින් ලබා දී තිබෙනවා.
කැමරා කොලිටිය ඇරුණහම ඇක්ෂන් කැමරාවක් තෝරාගන්නකොට හිතන්න ඕන කරුණු කීපයක් තියෙනවා . එ තමයි මේ කැමරාවෙ ඔරොත්තු දීමෙ හැකියාව . ඇක්ෂන් ෂූට් කරන්නේ බාහිර පරිසරයේ නිසා මේ වගේ කැමරාවක් කම්පනයන්ට, අව්වට වැස්සට, දුහුවිල්ලට ඔරොත්තු දෙන ගුණයෙන් යුක්ත වෙන්න ඕන. ඊළඟට කොයි තරම් හොඳට මේ කැමරාව වෙනත් තැනක මවුන්ට් කරන්න, ඒ කියන්නේ හයි කරන්න පුලුවන්ද කියන එකත් සැලකිල්ලට ගත යුතුයි .
මේ ඔක්කොම කරුනු ආවරනය වන අයුරින් සැකසෙමින් භාවිතය තවත් පහසු කරමින් නිකුත් උන මෙ කැමරාවෙ තවත් සුවිශේෂම දේ තමා අපිට ඕනම tripod එකකට මේක connect කරන්න පුලුවන් hole එකක් මෙයාලා දීලා තියෙනවා . එ වගේම තමා අනික් කැමරා වල මේ පහසුකම ලබා දි නොතිබුන අතර මෙ කැමරාව මිලදි ගන්න ඕනම කෙනෙක්ට හරි පහසුවෙන් මේක භාවිතා කරන ආකාරය පිලිබදව විස්තර සහිත guideline එකක් ලැබෙනවා . ඒකටම මේකට අවශ්‍ය app පහසුවෙන් download කර ගන්න අවශ්‍ය QR code එක පවා අපි ලබා දෙන අතර ඔබට හොදම දේ ලබා දීමෙ වගකීම අප දරන අතර අවුරුද්දක පමන warranty කාලසීමවක් මේ සදහා ඔබට ලැබෙනව කියලත් මතක් කල යුතුයි . ඉතින් ඔබට ගැලපෙනම කැමරාම මිලදී ගන්න හොදම තැන Camera Finevision කියල මතක් කරන ගමන් භාවිතය තවත් පහසු කරමින් වෙළදපලට නිකුත් උන මේ අලුත් සමාජිකයව පරිස්සමින් පාවිච්චි කරන්න පුලුවන් පොඩි tips කීපයක් අපි දැන් බලමු .
GPS off කරලා , video stabilization off කරල අපිට පුලුවන්
මෙයාව overheat වෙන එක වළක්වගන්න . එ වගේම තමා අවශ්‍ය නම් පමනක් waterproof backcover එකක් use කලා කියල කිසිම හානියක් වෙන්නෙ නෑ කියලත් මතක් කරන ගමන් මේ කැමරාව එක්ක අලුත් අලුත් ලස්සන දේවල් ගොඩාක් කරගන්න පුලුවන් වෙයි සහ මේ කැමරාව තවත් නිර්මාණශීලීව පාවිච්චි කරන්න ඔබට පුලුවන් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
ස්තූතියි
Shashini rathnayake
